තල් කර්මාන්තයේ ගැටළු ලිහන්නට රනිල්ගෙන් කමිටු දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරු පළාතේ තල් කර්මාන්තකරුවන් සමඟ යාපනයේ තන්දෙයි චෙල්වා ශ්‍රවණාගාරයේදී හමුවකට එක් වූ බවජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එහිදී ජනාධිපතිවරයා විසින් උතුරු කලාපයේ තල් කර්මාන්තය තුළ පවතින සමාජ ගැටලු සහ අභියෝග යන දෙකම විමර්ශනය කිරීම සඳහා කමිටු දෙකක් පිහිටුවීම ප්‍රකාශයට පත් කළේය. අදාළ කමිටු වාර්තාව ලැබුණු පසු උතුරේ තල් කර්මාන්තය නවීකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කළාපයේ සැමට සමාන අයිතිවාසිකම් ලබාදීමට තම කැපවීම අවධාරණය කළ ජනාධිපතිතුමා මෙම මූලධර්මය වෙනුවෙන් තමන් දැඩිව පෙනී සිටින බව අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ තල් ආශ්‍රිත කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!