තරුණ පාර්ලිමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වෙති.

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (18) සහ පෙරේදා (17) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරුන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ 131 දෙනෙක් එක්ව සිටියහ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න “රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කිරීමේදී තරුණයන්ගේ දායකත්වය පිළිබඳ කතා කරනවා. එහිදී අප අතින් සිදු වන ලොකුම අතපසුවීම තමන්ගේ පනත වත් තමන්ට සකස් කරගැනීමට අවස්ථාවක් නොදීම. ඒ නිසා මා තීරණය කළා මේ යෝජිත තරුණ පාර්ලිමේන්තු පනතට අනිවාර්යයෙන්ම අපේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඇතුළත් විය යුතුයි කියලා. ඉතිහාසයේ අප කළ වැරැද්ද තමයි තරුණයන් කැමති, ඔවුන්ට අවශ්‍යයි කියා සිතන දේ තරුණයන් නොවන පිරිසක් තීරණය කර ක්‍රියාත්මක කිරීම. ඒ නිසා තරුණයන්ගේ අවශ්‍යතා ඉටු වුණේ නැහැ. නැවත වතාවක් වරදින්න අප ඉඩ තබන්නේ නැහැ. මීළඟ පාර්ලිමේන්තුවේ සිට නියමිත නීති රාමුවක් යටතේ ස්වාධීනව කටයුතු කිරීමට හැකි බලවත් ආයතනයක් බවට පත් කිරීමේ ‍‍ඓතිහාසික ක්‍රියාන්විතයට දායක වන පිරිස බවට ඔබ අද පත් වෙනවා.”

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *