තමිල්නාඩුවේ පදිංචි ශ්‍රීලංකිකයන් හට ‘ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර’ ලබාදෙයි

දැනට තමිල්නාඩුවේ පදිංචිව සිටිනා ශ්‍රී ලාංකිකයන් වෙත සියළු රටවල් සඳහා වන ශ්‍රී ලාංකික ගමන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ සමාරම්භක උත්සය පසුගියදා චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු විය .

ඉන්දියාවේ තමිල්නාඩුවේ නැවත පදිංචි වූ ශ්‍රී ලාංකිකයන් සඳහා “සියලු රට ගමන් බලපත්‍ර” ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය මුල්ම අයදුම්කරුවන් 197 දෙනාට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලබාදීම මෙම අවස්ථාවේදී සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම යටතේ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරයි .

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මෙම අවස්ථාවට සහභාගි විය.

1983 වසරේ සිට රට හැර ගිය ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තමිල්නාඩුවේ තවමත් දිවි ගෙවති. එම පිරිසට නීත්‍යානුකූල ශ්‍රී ලාංකික සංචාරක ලියකියවිලි ලබා දෙමින් ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද මෙම පෙරළිකාර මුලපිරීම ඓතිහාසික වැදගත්කමක් දරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!