තමිල්නාඩුවේ ගවයන් හීලෑ කරනා ජල්ලිකට්ටු ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වදෙයි

ලොව පුරා වෙසෙන දෙමළ ජනයා විසින් සමරනු ලබන අස්වනු මංගල්‍යය වන තෛපොංගල් උත්සවය සමරනු වස් සංවිධනය කරනා ලද විශේෂ උත්සවයක් ත්‍රිකුණාමළයේදී ඊයේ පවත්වනු ලැබීය . මින් පෙර ශ්‍රී ලංකාවේ දැකගත නොහැකිවූ ගවයන් හීලැ කිරීමේ ”ජල්ලිකට්ටු” ක්‍රීඩාවද ඊට ඇතුළත්ව තිබීම විශේෂත්වයක් විය. ඒ අනුව තමිල්නාඩුවෙන් පිටත ප්‍රථම වරට ජල්ලි කට්ටු ක්‍රීඩාව පැවැත්වූ ස්ථානය ලෙස ත්‍රිකුණාමළය ඉතිහාසයට එක්විය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් සහ සංචාරක කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා ගොනුන් 200 කට අධික පිරිසක් සහ ගොනුන් හීලෑ කරන්නන් 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අගනුවර වන ත්‍රිකුණාමලයේ සාම්බූර් මහජන ක්‍රීඩා පිටියේ දහස් ගණනක් ඉදිරියේ මෙම අවස්ථාව පැවැත්විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!