ඩයනා ගමගේට පහර දීම ගැන වාර්තාව අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා විසින්, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පාර්ලිමේන්තු ලොබියේදී පහර දීමට සම්බන්ධ සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභාවේ තීරණය, අද ප්‍රකශයට පත්කිරිමට නියමිත බව වාර්තාවේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙම සිදුවීම සම්බන්ධව සොයබැලීමට විශේෂ වරප්‍රසාද කමිටුවක් පත්කළ අතර එම කමිටුව සිය වාර්තාව ඊයේ කථානායකවරයාට සිය නිර්දේශ සහිත වාර්තාව බාරදී ඇත.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනා ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!