ටින් අංකය දෙන අළුත්ම ක්‍රමය මෙන්න

ටින් අංකය හෙවත් පුද්ගලයන්ගේ බදු ලියාපදිංචි අංකය ජාතික හැදුනුම්පත් අංකයට අනුව ලබාදීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය . ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයය වැඩි දුරටත් සඳහන් කළේය.

නව ක්‍රමය ගැණ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සමූහ වශයෙන් ටින් අංකය ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කළේය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!