ට්‍රම්ප් නැවතත් මැතිවරණ සටනට

2024 වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තම අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමට පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීම් මේ වන විටත් ආරම්භ කර ඇත .

අයෝවා ජනපද දේශපාලන බලමණ්ඩලයේ එලෙස පැවති ඡන්ද විමසීමකදී සෙසු රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයින් පරදා ජයග්‍රහණය කිරීමට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.

එම ඡන්දය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප්ට හැකිවීමත් සමඟ එය එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකානු ජනපතිවරණයේ ජනාධිපති ධූරය වෙනුවෙන් යළි සටන් වදින ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට විශාල අභියෝගයක් වේ යැයි දේශපාලන විශ්ලේෂකයින් පවසයි.

අයෝවා ඡන්දයට ට්‍රම්ප් හා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනපති ධූර අපේක්ෂකත්වය සඳහා තේරී පත්වීමට අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඉදිරිපත් විය. ට්‍රම්ප් 51%ක ඡන්ද ප්‍රතිශතයක් දිනුවේය. දෙවැනි ස්ථානය රොන් ඩෙසන්ටිස්ට හිමි විය. ඔහු 21.3%ක ප්‍රතිශතයක් ලබා ගත්තේය. නිකී හෙළීට ලබාගත හැකි වූයේ 19%ක ප්‍රතිශතයක් පමණි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!