ජාතියේ පියාට ඈමති මනුෂගෙන් හරසර

අනුරාධපුර නගරයේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකගේ පිළිරුවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාර ඊයේ මල්මාලාවක් පළඳවමින් උපහාර දැක්වීය.

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට නිදහස උරුම කරදීමට මහාමාන්‍ය ඩී.ඇස් සේනානායකයන් කළ මෙහෙවර මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා සිහිපත් කළේය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සමාජිකයි රැසක් එක සිටි අතර ඉන් අනතුරුව එම පිරිස පිළිරුව අසල සිට අනුරාධපුර යොවුන් නිකේතනයේ පැවති එක්සත් ජාතික පක්ෂ තරුණ සම්මේලනය වෙත අමාත්‍යවරයා පා ගමනින් පැමිණියහ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!