ජාතික රණවිරු සැමරුම් උත්සවය අද

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරු 4.30ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසල දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙවර සමරනු ලබන්නේ දශක 03ක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත්කළ යුද ජයග්‍රහණයේ 14 වන සැමරුමයි.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා,විපක්ෂ නායකවරයා, මැති ඇමැතිවරුන්, හිටපු ජනාධිපතිවරුන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *