ජාත්‍යන්තර යුද්ධයකට ලංකාවේ නාවික හමුදාව යවන්න රනිල් පොරොන්දු වෙලා

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ පැවති ‘ශිල්ප අභිමානී 2023’ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රතු මුහුදේ හුතී කැරලි කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා යොදවන බව පැවසීය.

හුතී කැරළිකරුවන්ගේ ක්‍රියාකාරක්ම් නිසා රතු මුහුදේ වාණිජ නෞකා මෙහෙයුම් අඩපනව ඇති බවත් එබැවින් ඊට එරෙහිව සටන් කරනා ජාත්‍යන්තර හමුදා සමග එක්වීමට ශ්‍රි ලංකා නාවික හමුදා නෞකාවක් රතු මුහුදට යැවීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය .

‘‘යුක්‍රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ දෙකක් ක්‍රියාත්මක වෙන පසුබිමක හුතී කැරළිකරුවන් රතු මුහුදේ කරනා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර නාවික ගමණාගමනයට බාධා පමුනවනාවා . එම තත්ත්වය නිසා රතුමුහුදේ අනතුරුදායක කළාප මග හැර දකුණු අප්‍රිකාව වටා ගමන් කිරීමට වෙළඳ නෞකවන්ට සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ පවා භාණ්ඩ මිල ඉහළ යාහැකියි. දැනටමත් රතු මුහුදේ හූතී කණ්ඩාම් නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් ගමනා ගමනය නැවති තිබෙනවා. එම නිසා හූති වැඩකටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට අප එකඟ වී තිබෙනවා.’’ ජනාධිපතිවරයා පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!