ජස්ටින් ටෘෘඩෝ ලොව කඩවසම්ම පිරිමින් අතරට එක් වෙයි

2023 කඩවසම් ම පිරිමි ලැයිස්තුවේ අට වැනි තැනට පත් වීමට වර්තමාන කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ සමත් ව තිබේ. ඔහු එරට දෙවන ලාබාලත ම අගමැතිවරයා ද වන අතර ඔහු සතු උණුසුම් සිනහව සහ ආදරණීයභාවය කැනේඩියානුවත් අතර පමණක් නොව ලොව පුරා ම ප්‍රකට ව තිබේ.


ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය රොබට් පැටිසන්ට හිමි ව ඇති අතර, ඔහු Twilight කතා මාලාවෙන් ලොව පුරා ප්‍රකට විය. ඔහු සතු ව 92.15%ක පරිපූර්ණ මුහුණු ව්‍යුහයක් පවතින අතර ආකර්ශනීය ඇස් සහ පෞරුෂය නිසා ලොව පුරා බොහෝ කාන්තාවන් ඔහු වෙත ආකරශනය වී සිටී.ෆෝබීස් සගරාවට අනුව ලෝකයේ බලවත් ම පුද්ගලයන් 100 දෙනා අතරට ද පැමිණ සිටින ඔහු ටෙනෙට්, ද ලයිට් හවුස්, හැරී පොටර් ඇතුළු ප්‍රකට චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වී තිබේ.
හොලිවුඩ් සිනමාවේ තාරකාවක් වන රීතික් රෝෂන්ට මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය වෙන් ව ඇති අතර දකුණු ආසියානු කලාපය නියෝජනය කරන කඩවසම් ම පිරිමියා වන්නේ ඔහු යි.


ජස්ටින් ටෘෘඩෝට අමතර ව සිනමා හා ගායනා ඇතුළු කලා ක්ෂේත්‍රයට පරිබාහිර ව මෙම ලැයිස්තුවේ අනෙක් එක ම කඩවසම් පිරිමියා වන්නේ ලොව ප්‍රකට ම පාපන්දු ක්‍රීඩකයකු වන ඩෙිව්ඩ් බෙකම් වන අතර ඔහු ලොව කඩවසම් ම පිරිමින් අතරින් හය වැනි තැනට පත් ව තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *