ජල ගාස්තුවත් වැඩිවන ලකුණු

නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග පැවසුවේ ඉකුත් කාල සීමාවේදී විදුලි බිල නැවත වරක් වැඩි කිරීම මීට හේතු වී ඇති බවයි.

එම නිසා ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, එය පියවීම සඳහා ජල බිල්පත් ගාස්තුව වැඩි කිරීමට නුදුරේදීම පියවර ගන්නා බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *