ජයවික්‍රම පෙරේරාගෙ සුව දුක් බලන්නට රනිල් ගෙදරටම යයි

දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (11) කටුගම්පළ පිහිටි ඔහුගේ නිවසටම පැමිණියේය.

අනතුරුව පවුලේ ඥාතීන්ගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ නිවස අසළට රැස්ව සිටී ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහද පිළිසඳරකට එක් විය.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම යන මහත්වරු ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!