ජනාධිපති සියළු පක්ෂ නායකයන්ට විශේෂ ආරාධනාවක්.

ශ්‍රි ලංකාව මුහුණදෙමින් සිටිනා ආර්ථික අර්බුද සඳහා විකල්ප යෝජනා තිබේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට එකතු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී .

කොළඹ රේගු මූලස්ථානයේ අද (26) පැවැති ජාත්‍යන්තර රේගු දිනය සැමරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙම ඉල්ලීම කළේය

ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් පවසා සිටියේ එවැනි තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට තමා සූදානම් බවයි.

මෙරට ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතුව පොරොන්දු දේශපාලනය බව පැවසූ ජනාධිපතිවරයා, මේ මැතිවරණ වසරේදීවත් රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂවලින් මෙහිදී ඉල්ලා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!