ජනාධිපති රට යන්නේ ආධාර ගේන්න. A.K.D රට යන්නෙ එන සල්ලිත් නවත්තන්න

ජනාධිපති තුමා නිතර විදේශ ගතවන බවට විපක්ෂය චෝදනා නගන මුත් එතුමා රට යන්නේ රට ගොඩනැගීමට අවශ්‍ය ආධාඑඅ ලබාගැනීමට බවත්, ජාත්‍යන්තරය පිළිගන්න නායකයෙක් ලෙස එතුමාට නිතර විදෙස් රටවල් සහ ආයතන වලින් ඇරයුම් ලැබෙනා බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .

විදේශ ගත වන්නේ ජනාධිපති තුමා පමණක් නොවනා බවත්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකද විදෙස් ගතවන බවත්, ඔවුන් විදේශගත වන්නේ රට අරාජික කරන්නට බවත් ඔහු පැවසීය. ” එයාල පිටරට ගිහිල්ලා කියනවා ලංකාවට සල්ලි එවන්න එපා කියලා. ඒවැඩේ නිසා වාසි උනේ උන්ඩියල් ජාවාරම් කරුවන්ට ” ඔහු වැඩි දුරටත් පැවසීය.

ඔරුවල ඇවිදින මංතීරුවේ ප්‍රතිසංස්කරණ සොයා බැලීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!