ජනාධිපති කැළනිය විශ්ව විද්‍යාලයට යනවාට උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිගේ විරෝධය

ඇතැම් විශ්වවිද්‍යාල දේශපාලනඥයින්ට සහ ජනාධිපති අපේක්ෂකයින්ට විශ්වවිද්‍යාලවලට ආරාධනා කිරීමට සැලසුම් කර ඇති බවත් එවැනි පියවරයන් නතර කළ යුතු බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පැවසීය .

“සමහර විශ්වවිද්‍යාල දේශපාලකයන්ට ජනාධිපති අපේක්ෂකයන්ට විශ්වවිද්‍යාලවලට ආරාධනා කරන්න හදනවා කියලා මට දැන ගන්න ලැබුණා. කරුණාකරලා විශ්වවිද්‍යාල දේශපාලනය කරන එක නවත්වන්න. විශ්වවිද්‍යාල කියන්නේ අධ්‍යයන කටයුතුවලට. දේශපාලනය ඒ විෂය පථය තුළ සාකච්ඡා කරන්න පුළුවන් . කිසිවිටෙකත් එය පාර්ශවික නොවිය යුතුයි. උත්සව සඳහා විශ්ව විද්‍යාලවලට ආරාධනා කළ යුත්තේ කාටද යන්න සෙනෙට් සභාව සහ එහි විද්වතුන් තීරණය කළ යුතුය, ”ඔහු පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර අදට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැළනිය විශ්ව විද්‍යාලයට පැමිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ඊයේ රාත්‍රියේ සිට විශ්වවිද්‍යාල පිවිසුම අසළ විරෝධතාවක් ආරම්භ කර ඇත

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!