ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විමට නියමිත බවත්, එම නිස්චිත දිනය සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ප්‍රකාශයට පත්කරන බවත්, මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විය යුතු මුත්, ඕනෑම මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසම සතුබවත් ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරණය සඳහා වන මුදල් මේ වන විටත් අයවැය මගින් වෙන්කර ඇතිබවද ඔහු සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!