ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ සහය රනිල්ට.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පැවසීය .

මහනුවරදී අද පැවති මාධ්‍ය හමුවකදි අදහස් පළ කරමින අමාත්‍යවරයි මේ බව සඳහන් කළේය .

මේ වසරේ ජනපතිවරණය පැවැත්වෙන බැවින් ඒ සඳහා ඉදිරිපත් වන්නේද, ඒ පොදු අපේක්ෂකයෙක් වශයෙන්ද, එසේත් නැත්නම් තනි පක්ෂයක අපේක්ෂකයෙක් වශයෙන්ද යන්න පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ රට හමුවේ ප්‍රකාශ කළ යුතු බව ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසිය .

”ඡන්ද 69 ලක්ෂයක ජනතා වරමින් පත් වූ නායකයා අරගලයකට මුවාවෙලා ගෙදර ඇරියා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාසට, අනුර දිසානායකට වගේම සරත් ෆොන්සේකාට පවා ජනාධිපති ධුරය භාරගන්න කියලා ආරාධනා කළා. ඒ අය පස්සට ගිය වෙලාවේ තමයි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත්තේ. දැන් රට යම් තාක් දුරට නැවතත් හිස ඔසවමින් පවතිනවා. හිස්වූ භාණ්ඩාගාරය නැවතත් සක්‍රීය වෙමින් පවතිනවා. රට මේ තත්ත්වයට ගෙන ඒමේ ගෞරවය වත්මන් ජනපතිට හිමිවෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ එතුමාට තව ටික කාලයක් මේ ආකාරයෙන් කරගෙන යන්න ඉඩ දිය යුතුයි කියලයි.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!