ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතුයි. ගාල්ලේ යෝජනාව ඒක මතිකව සම්මත වෙයි

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනා දිස්ත්‍රික් සම්මේලන මාලාවේ සමාරම්භක සම්මේලනය ඊයේ ගාල්ලේදී පැවැත්විය .

ආර්ථිකය මෙන්ම රටේ ප්‍රජාතාන්ත්‍රවාදයද අනතුරට පත්ව තිබූ අවස්තාවක රට භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩනැගීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ පාක්ෂිකයන් දැනුවත් කරනු වස් මෙම සම්මේලන මාලාව මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය.

මේ මොහොතෙ ශ්‍රි ලංකාවේ සිටිනා ලෝකය පිළිගන්නා එකම නායකයා වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැවින් 2024 ජනාධිපතිවරණයට ඔහු අනිවාර්යයෙන් ඉදිටිපත්විය යුතු බව මෙම සම්මේලනයේදී යෝජනා විය. එම යෝජනාව සහභාගීවූ සියළුම දෙනා අත් ඔසවා ඒකමතිකව සම්මත කරන ලදි.

මෙම සමුළුවට එජාප එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය මනුෂ නානායකකාර , හිටපු අමාත්‍ය පී. හැරිසන්, ජනාධිපති උපදේශක අශු මාරසිංහ, ජනාධිපති වෘත්තී සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය ඇතුලු විශාල ජනකායක් මෙම සමුළුව සඳහා සහභාගී විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!