ජනාධිපතිවරණයට මම සුදුසුයි

පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී පැවති අනුප්‍රප්තික ජනාධිපති ඡන්ද විමසීමේදී සියලු දෙනා පලා ගියද තමන් ඊට තරග කළ බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය .

එම ඡන්ද විමසීමේදී තමන් බොහෝ පක්ෂවල සහයෙන් ඡන්ද අසූ හතරක් ලබාගත් බවත්,
ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වයට ද තමන්ට පැමිණිය හැකි බවත් ඒ සඳහා සියලු සුදුසුකම් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

නමුත් මේ මොහොතේ කළ යුත්තේ තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම්කර ආණ්ඩුවට තවත් හුස්ම ගැනීමට ඉඩ දීම නොවන බවද ඔහු අවධාරණය කළේය. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේබව පැවසීය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!