ජනපති වැඩ අරඹයි. ඉවත් නොවුන ආණ්ඩුකාරවරු තිදෙනෙක් නෙරපයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව ආණ්ඩුකාරවරු තිදෙනෙක් එම ධූරයන්ගෙන් ඉවත් කර තිබේ. උතුරු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මෙලෙස ඉවත්කර ඇති ආණ්ඩුකාර වරුන් වෙයි.

නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා (17) වන පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *