ජනපති රනිල් සනත් නිශාන්තගේ නිවසට පැමිණේ

හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ කොළඹ නිවසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණියේය. එහිදී රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන් වෙත තම ශෝකය පළ කර සිටියේය.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අද අලුයම සිදුවූ රිය අනතුරුකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා මරණයට පත්විය. රියදුරු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!