ජනපතිගේ ගෙට ගිනි තැබූ ටියුෂන් ගුරුවරයා අත් අඩංගුවට

2022 වසරේ ජූලි 09 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 46 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු ඉංග්‍රීසි උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු බව පැවසේ . සැකකරු හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!