ජගත් මනුවර්ණට ඩකා සිනමා උළෙලේදී සම්මානයක්

22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ‍ හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනිමට ජගත් මනුවර්ණ සමත්විය . ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඒ සඳහාම ජාත්‍යන්තර සම්මානයක් ලැබීම විශේෂත්වයක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!