චෛත්‍යක හැඩගත් නිල් මැණික් දෙකක් විකුණනට ගිය හිමිනම අත් අඩංගුවට

රුපියල් මිලියන 370 ක වටිනාකමකින් යුත් නිල් මැණික් දෙකක් Blue Sapphire විකිණීමට උත්සාහ කළ හිමිනමක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්ලන්ද පොලිසිය සමත්ව ඇත.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බව කොස්ලන්ද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් හිමිනම වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, අනෙක් සැකකරු 72 හැවිරිදි වියේ පසුවන අතර, ඔහුගේ පුත්‍රයා ප්‍රමුඛ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය දේශපාලනඥයක් බවත් වාර්තාවේ.

අත්අඩංගුවට ගත් මැණික් ගල් චෛත්‍යයක හැඩයෙන් යුක්ත වන අතර ඒවා නිධන් හෑරීමේදී ලබාගත් ඒවා බවට සැක කෙරේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!