චමින්ද විජේසිරි ඉල්ලා වුණේ සජිත්ගෙ වැඩ නිසා.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දිගින් දිගටම චමින්ද විජේසිරි නොසලකා හැරීම නිසා ඔහු මෙසේ තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කළාපය පක්ෂය තුළ බරපතල අර්බුදයක් නිර්මානය කරමින් පවතින බවත්, මෑතකදී පක්ෂයට එක්වූ ඩිලාන් පෙරේරා බදුල්ල දිස්ත්‍රික් නායකත්වයට පත්කිරීමට ඔහු ගත් තීරණය චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව බවත් වාර්තා වේ.

මෙම තීරණයට පක්ෂ අභ්‍යන්තරයේ දීද චමින්ද විජේසිරි දැඩි විරෝධතාවය පලකර සිටි නමුත් එම විරෝධතාවයට විපක්ෂ නායකවරයාගෙන් හෝ පක්ෂයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔහුගේ ඉල්ලා අස්වීම කඩිනම් වී ඇත.

පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් චමින්ද විජේසිරි පවසා සිටියේ හෘද සක්ෂියට එකඟව තමා එම තීරණය ගත් බවත්, සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාල ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාරදුන් බවත් ය.

පාර්ලිමේන්තු නීති හා සාම්ප්‍රදායන් කෙසේ තිබුණද එම නීතින් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවද එය නැවත අවධානයට ලක් කළ යුතු කරුණක් බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

වර්තමාන පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොමැති බවද, එය ගොඩනැඟීමට වර්තමාන ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගතයුතු බවද සමුගැනීමේ කතාවේදී මන්ත්‍රී චමින්ද විජේසිරි පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!