චන්ද්‍රිකාට සභාපතිකම දෙන්න ශ්‍රීලනීපය බෑ කියයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රි ලනිපයේ සභාපතීත්වය යළි ඉල්ලා ඇතිබව වාර්තා වේ.

ශ්‍රී ලනීප නියෝජිතයන් පිරිසක් සහ හිටපු ජනාධිපතිනිය අතර ඇගේ ටොරින්ටන් නිළ නිවසේදී පැවති සාකච්චාවේදී මෙම ඉල්ලිම කර ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම සාකච්චාවේදී ශ්‍රීලනිපය වෙනුවෙන් මහින්ද අමරවීර, ශාන් විජයලාල්, දුමින්ද දිසානායක, සහ සාරථී දුෂ්මන්ත යන මන්ත්‍රිවරු එක්ව සිටීහ. හිටපු ජනපතිනිඅය ඇගේ කාර්ය මණ්ඩලය සමග සාකච්චාවට එක්ව සිටියාය.

පක්ෂයට වැඩකිරීමට සභාපතී ධූරය අවශ්‍ය බව ඇය පෙන්වාදුන්නද, එම ඉල්ලීම ඉටුකළ නොහැකිබව ශ්‍රී ලනිප නියෝජිතයෝ එහිදී පෙන්වා දුන්හ. එහෙත් ඉදිරියේ ගොඩනැගීමට යෝජිත සන්ධානයේ නායකත්වය ඇයට ලබාදිය හැකිබව ඔහුන් පවසා ඇත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනිය මෙම සාකච්චාවටද සහභාගී වී ඇත්තේ පැය එකහාමාරක පමාවකින් පසුවය . ඇය ජනාධිපටහි ධුරය හොබවන සමයේදීද රැස්විම් සඳකා පමාවී පැමිණීම පුරුද්දක් කරගෙන සිටියාය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!