ඝෝඨා කළ වැඩේට ජපානය ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි.

කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා හමුවී මේ බව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

ඩොලර් බිලියන 1.5ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිම කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මාලබේ සිට කොළඹ කොටුව දක්ව ඉදි කිරීමට නියමිතව තිබුනි . එහි සියළු මූලික කටයුතු ආරම්භකර තිබියදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ව්‍යාපෘතිය අවලංගු කර දැම්මේය. පසුව එම ව්‍යාපෘතිය බංග්ලාදේශය වෙත ලබාගත් අතර ඩකා මෙට්‍රෝ රේල්වේ නමින් එම සේවය පසුගිය වසරේ විවෘත කරනා ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!