ගෙදර ඉඳන් ඡන්දය දෙන්න ක්‍රමයක් සාදයි

ඉදිරියේදී මැතිවරණ නීතියේ වෙනස්කම් රැසක් සිදුකිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත. ඒ අනුව කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීමටත්, ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්ද දායකයින්ට මැතිවරණ දිනට පෙර දිනකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට යොමු කර ඇති බවද ඔහු පැවසීය .

යෝජිත නව ක්‍රමය යටතේ එම පුද්ගලයාගේ නිවසටම ගොස් ඡන්දය ලබාගැනීම එහිදී සිදුකරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසීය. කෙසේ වෙතත් ඊට අදාළ නීති සංශෝධනය විය යුතු බවද ඔහු පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *