ගුරු වර්ජනයක් ලඟ එනවා

වැටුප් විෂමතා දිනාගැනීම සඳහා ඉදිරියේදී සමස්ත ගුරු පරපුරම පාරට බැසීමට සූදානම් බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරන්නේ මේ වන විට ගුරුවරුන් දැනුවත් කිරීමේ සම්මේලන රටපුරා පවත්වමින් සිටින බවයි.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු දිගින් දිගටම මඟහරිමින් සිටින බවද හෙතෙම චෝදනා කළේය. ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමට පෙර මෙම වෘත්තිය ක්‍රියා මාර්ගය ආරම්භ කරන බවත් ඒ හරහා අයවැය මගින් මෙම වැටුප් වැඩිකර ගැනීම තම අපේක්ෂව බවත් ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *