ගැඹුරු මුහුදේ ධීවරයන්ගේ සහයට ”සයුර” වෙබ් යෙදුම හඳුන්වාදෙයි.

ගැඹුරු මුහුදේ හදිසි දේශගුණික විපර්යාස හේතුවෙන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් මුහුණ දෙන අභියෝග අවම කිරීම සඳහා Dialog Axiata PLC විසින් නිෂ්පාදනය කරන ලද ‘සයුර’ නම් වෙබ් යෙදුමක් අද හඳුන්වාදුන්නේය .

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩාග්ලස් දේවනන්දාගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධීවර වරායේදී එම යෙදුම එළිදැක්වීම සිදු විය. මෙම වෙබ් යෙදුම ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙනා බහුදින ධීවර යාත්‍රා සඳහා ඉතා වටිනා මෙහෙයක් ඉටුකරනු ඇතිබව ධීවර ප්‍රජාව පවසති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!