ගම්පහ භික්ෂුව ඝාතනය කළ සැක කරුවන් සිය මොටෝ රියටද ගිනි තබා පලායති.

කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැළෑවක ගිනිගනිමින් තිබියදී සොයාගත් මෝටර් රථය අද දහවල් ගම්පහ ප්‍රදේශයේදී භික්ෂූන්වහන්සේ නමක් ඝාතනයට යොදාගත් රිය බව පොලිසිය පවසයි.

සොයා ගන්නා විටත් එම මෝටර් රථය හඳුනාගත නොහැකි ලෙසට ගිනිබවත්ව තිබු බවත්, හිමිනම ඝාතනය කර පලාගිය මෝටර් රියේ අංකයම ( CAO-5345) සහිත වෙනත් රියක් පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයකින් ද හමුවු බවත් පොලිසිය පවසයි.

අද දහවල් මෝටර් රථයකින් විහාරස්ථාන භූමියට ඇතුල් වූ සැකකරුවන් සිව්දෙනෙකු මෝටර් රථය නවත්වා ආවාස ගෙය තුළට පිවිස ජොතීර්වේදය සම්බන්ධයෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේ කවුරුන්ද යන්න විමසා තිබෙනවා. සැකකරුවන් විසින් තමන් CID නිලධාරීන් බව පවසා මෙම වෙඩි තැබීම සිදුකර පළාගිය බව එම විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කර තිබුණා.

වෙඩි වැදීමෙන් අපවත් වුණේ පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමකි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!