ගණිකා වෘත්තිය නීතිගත කිරිමේ ජ.වි.පෙ යෝජනාවට එරෙහිව විරෝධතා.

තම රජය යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනා බවට ජාතික ජන බලවේගයේ විධායක සභිකාවක වන සමන්මලී ගුණසිංහ පසුගියදා අන්තර්ජාල නාළිකාවක් සමග කළ සාකච්චාවකදී ප්‍රකාශ කළාය. ඇයගේ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයට ලක්වෙමින් තිබේ.

එම ප්‍රකශයට විරෝධය පළ කරමින් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවැත්විණි. නිව් පීපල්ස් ෆ්‍රන්ට් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!