කොළඹ විශ්ව විද්‍යාලයේ ”කැම්පස් රේඩියෝ” වෙතින් පාසැල් සිසුන්ට සම්මන්ත්‍රණ මාලාවක්

කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපයෙහි, ජනමාධ්‍යනාංශය යටතේ ක්‍රියාත්මක වන කැම්පස් රේඩියෝව මඟින් සංවිධානය කරන “පවුර” සම්මන්ත්‍රණ මාලාවේ දෙවැනි අදියර පසුගියදා (26) සාර්ථක ලෙස නිමා විය. මෙවර සම්මන්ත්‍රණය පැවැත්වූයේ අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන පිරිවෙන් පරිශ්‍රයේදීය. පිරිවෙන් අධ්‍යාපනය ලබන 10, 11 වසරවල සිසුන් අරඹයා මෙවර සම්මන්ත්‍රණය දියත් කළ අතර මෙහි මූලිකම අරමුණ වූයේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපනික වටපිටාව සකස් කර ගැනීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීමයි.

මෙම සම්මන්ත්‍රණය තුළදී සිසුන්ගේ මෘදු කුසලතා හා දෘඩ කුසලතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදීමට කටයුතු කිරීම සිදුවිය. කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ, කැම්පස් රේඩියෝ කළමනාකාරීත්වයේ මග පෙන්වීම යටතේ මෙම සම්මන්ත්‍රණය දියත් කළ අතර සම්මන්ත්‍රණය මෙහෙයවීම සඳහා ජනමාධ්‍යය අංශයේ සිව්වන වසර විද්‍යාර්ථීන් සහ තෙවන වසර විද්‍යාර්ථීන් සහභාගි විය.

කවීෂා විදානගමගේ , දැහැමි මදුශිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!