කොදෙව්වෝ වසර වසර 27කට පසු ඕස්‍ට්‍රේලියාව පරාජය කරයි.

වසර 27කට පසු ඔස්ට්‍රේලියාවේදී සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය ලබන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් විය

සිය මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩාකරනා 24 හැවිරිදි දකුණත් වේගපන්දු යවන්නෙකු වන ෂමර් ජෝශප්ගේ විශිෂ්ට පන්දු යැවීම කැපී පෙනුනි. ඔහු ඕවර 11.5 කදී ලකුණු 68 ක් ලබාදී කඩුලු 7 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම විනාශ කරනා ලදි . මුළු තරගයේදී ඔහු කඩුලු 11ක් බිඳ දමන ලදි.

සිවුවැනි ඉනිමේදී ලකුණු 216ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියාව ලකුණු 207කට දැවී යන ලදි. ඉනිම ආරම්භ කළ ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 91ක් ලබා ගනිමින් කැපී පෙනෙන පිතිහරඹයක නියුතු විය.

පළමු ඉනිමේදී බටහිර ඉන්දීය කොදෙව් පිල මුළු ලකුණු 311 ක් රැස්කළ අතර, Kavem Hodge, Joshua Da Silva සහ Kevin Sinclair අර්ධ ශතක ලබාගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු 4ක් ද, ජොෂ් හේසල්වුඩ් සහ නේතන් ලයන් කඩුලු 2 බැගින් ද බිඳ දැමූහ.

ඊට ප්‍රතිචාර වශයෙන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 289 ක් ලබා තිබියදී ඉනිම අත් හිටවන ලදි. Usman Khawaja, Alex Carey සහ Pat Cummins අර්ධ ශතක ලබාගන්නා ලදි. බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ජෝසප් ලකුණු 84කට කඩුලු 4ක් දවාගත් අතර කෙමාර් රෝච් කඩුලු 3ක් බිඳ හෙළීය.

සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 193ක් ලබා ගත් අතර ජොෂ් හේසල්වුඩ් සහ නේතන් ලයන් දෙදෙනාම කඩුලු 3 බැගින් දවා ගත්හ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!