”කෙහෙළිය ගෝ ගමේ” පදිංචිකරුවන් අත් අඩංගුවට

ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතා ගම්මානයක් ආරම්භ කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබු ‘කෙහෙළිය ගෝ ගම’ බැනරද පොලිසිය භාරයට ගෙන ඇත.

ප්‍රශ්නගත එන්නත් වංචාව සම්බන්ධයකයෙන් කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මේ අතර අදාළ එන්නත් වංචා නඩුවට අදාළව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක් ලබා ගන්නැයි දෙවන වතාවටත් රහස් පොලිසිය වෙත නීතිපතිවරයා විසින් දැනුම්දී ඇත.

ඒ අනුව ඊයේ දිනයේ පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස රඹුක්වැල්ල මහතාට අපරාධ පරීක්ෂණ කොට්ඨාශය දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු කිහිපයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නොහැකි වූ බවත් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලූ බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!