කෙහෙළිය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි .

බන්ධනාගාරගතව සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමා දරමින් සිටි පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇත .

එම ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත යොමු කර ඇති බවත් එය ලැබුණු පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය භාර ගැනීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව ඉල්ලා අස්වීම පිළිගත් පසු පරිසර අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පත් කිරිමට හෝ නව අමාත්‍යවරයෙක් පත්කිරීමට බොහෝ දුරට ඉඩ අතිබව වාර්තා වේ.

ඉන්දියවෙන් ආනයනය කළ බව පවසමින් සුදුසුකම් නැති නිෂ්පාදකයෙක් ලවා දේශීයව නිපදවූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොග‍යක් මිලද්ජී ගැනිමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!