කෙහෙළිය අත් අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහු මෙලස අත් අඩංගුවට ගෙන ඇත.

ආන්දෝලනාත්මක මානව ඉමියුනොග්ලොබියුලින් ප්‍රසම්පාදන නඩුවේ නඩු විභාගයේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කළ කරුණු දැක්වීමකට අනුව සිකුරාදා (2) පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය රඹුක්වැල්ලට නියෝග කළාය.

පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!