කෙහෙළියගේ කාලේ ගහපු ගේම් තවමත් ගහනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන සමයේදී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වංචා දූෂණ ක්‍රියා රැසක් සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට නව අමාත්‍යවරයෙකු පත්කර අතත්, පෙර පැවති වංචනික ක්‍රියා යම් තරමකට පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) හිටපු සභපති සරත් ලියනගේ එම ධුරයේ කටයුතු කරන සමයේ ආරම්භ කරන ලද ටෙන්ඩර් අවලංගු කර ඇතත් නව සභාපතිවරයා යටතේ නැවතත් එම ටෙන්ඩර් බලාත්මක කිරීමේ සූදානමක් පවතින බවත් බවත් පවසයි .

මෙම සංශෝධිත ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව නව අමාත්‍යවරයා දැනුවත්ව සිටියද ඔහු
ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරනා බවත්, මේ සම්බන්ධව වහා මැදිහත් වන්නැයි තම සංසදය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනා බවත් වෛද්‍ය බෙල්ලන සඳහන් කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) බලාපොරොත්තුවන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!