කාදිනල් තුමන්ට සහය පලකර මීගමුවේ විරෝධතාවයක්

පිටිපන ලෙල්ලම ධීවර වරාය සම්බන්ධව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමට විරෝධය දක්වමින් මීට දින කිහිපයකට පෙර ධීවරයන් පිරිසක් අගරදගුරු නිවස වටලා විරෝධතවය දැක්වුහ.

එකී විරෝධතාවයට ප්‍රතිචාර දක්වමින් මීසම් හතරක කතෝලික බැතිමතුන් සහ පූජක තුමන් සහ කන්‍යා සහෝදරියන් එක්ව සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් අද මීගමුවේදී පැවැත්විනි .

මිගමුව පිටිපන ලෙල්ලම සම්බන්ධව ව්හි ව්‍යාපාරිකයන් අසත්‍ය ප්‍රචාර පතුරවන බවත්, කොළඹ අගරදගුරු පදවියේ තීරණය නිවැරදි බවත් විරෝධතාකාරුවෝ කියා සිටීහ .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!