ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් ඉන්දීය අගමැතිවරයා මුහුදු පතුලේ පූජාවක.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ සුවිශේෂී දේව පූජාවකට එක්වු බව වාර්තාවේ. ගුජරාට් ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේදී මෙම පූජාව සිදුකර ඇත්තේ ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි .

එම පූජාව අරාබි මුහුදේ ගුජරාට් වෙරළට ඔබ්බෙන් දිය යට පිහිටා ඇති පුරාණ ද්වාර්කා කෝවිලේ දී පවත්වා ඇත. මෙම පුරාණ ද්වාර්කා කෝවිල කලකට පෙර සශ්‍රීක නගරක් වූ අතර එය සියවස් ගණනකට පෙර මුහුදේ ගිලීගොස් ඇතැයි විශ්වාස කරයි.

ක්‍රිෂ්ණා දෙවියන්ට සංකේතාත්මක උපහාරයක් ලෙස මොණර පිහාටු රැගෙන අගමැති මෝදි එම පූජාවට සහභාගි වී ඇති අතර එහි වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත එක් කර ඇත. ( එම වීඩියෝව පහතින් නරඹන්න)

අග්‍රාමාත්‍යවරයා මෙම පූජාවට කිමිදුම් ඇඳුමකින් සැරසී සහභාගී වී ඇති අතර කිමිදුම්කරුවන්ගේ සහ ආරක්ෂකයින්ගේ ද සහය ඇතිව එය පවත්වා ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!