ක්‍රිකට් කාගෙවත් පුද්ගලික බූදලයක් නෙමෙයි . ඒක රටේම ජනතාවට අයිතියි – ඇමති මනුෂ පාර්ලිමේන්තුවේදී කියයි.

ක්‍රිකට් ක්‍රීඩාව කාගෙවත් පුද්ගලික බූදලයක් නොවන බවත් එය රටේ සමස්ථ ජනතාවටම අයත් ක්‍රීඩාවක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේද විවාදයට ලක්වූ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අලුත් රැකීරක්ෂා පනත අවසන් අදියරෙයි තියෙන්නේ එහි අපි පරිච්චේදයක් වෙන් කරලා තියෙනවා වෙන් කොට සැලකීම විශේෂයෙන්ම අබාදයක් තිබීම වෙනස් කොට සැලකීම් සිදුවීම වැලැක්වීමට.

යෞවන කටයුතු ඇමතිවරයා සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් යොමු කරලා තිබ්බා. ඒකට පත් කරලා ඉන්නේ හරින් ප්‍රනාන්දු ඇමතිවරයායි. එතුමාව පත් කළෙත් අපේ රටේ පළමු යෞවන කටයුතු ඇමතිවරයා විදිහට කටයුතු කරපු, තරුණ සේවා සභාව ඇති කරපු වාර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ඒවගේම සේවයේ ගරුත්වය ගැන කතා කළා. ඒත් ඇත්තටම අද වෙනකොට සෑම කෙනෙකුගේම වෘත්තීය ගරුත්වය ඇති කරන්න අවශ්‍ය කටයුතු අපි ගරු සරු වැඩසටහන යටතේ සිදුකරලයි තියෙන්නේ.
විදුලි කාර්මිකයින්ට ඩිප්ලෝමා නැහැ කිව්වා. ඒත් ඇත්තටම මේවාට අදාලව ඩිප්ලෝමා විතරක් නෙමෙයි විදුලි කාර්මිකයෙක් විදිහට කටයුතු කරන්න අවශ්‍ය බලපත්‍රයක් තියෙනවා. විදුලි බල මණ්ඩලය විසින් ඊට අදාලව බලපත්‍ර ක්‍රමයක් හදලා දීලා තියෙනවා. ඒවගේම ඩිප්ලොමා එන්.වී.කිව් මට්ටම් විදිහට සකස් වෙලා තියෙනවා.

විදුලිය සම්බන්ධ උපාධි කොහොමත් තියෙනවා. ඒ නිසා තමන්ගේ නොදන්නා කම දේශපාලනයට පාවිච්චි කරන්න එපා කියල මම මතක් කරන්න කැමතියි.

මේ දවස් වල ක්‍රිකට් ගැන තමයි කතා කරන්නේ. මම ගාව තියෙන ගණනය කිරීම් නිවැරදි නම් විපක්ෂනායක තුමා විතරක් පැය 270ක් ක්‍රිකට් ගැන කතා කරලා තිබ්බා.

ක්‍රිකට් කියන්නේ සෙල්ලමක්. හැබැයි දැන් මේක එතනින් එහාට ගිහින් තියෙනවා. පහුගිය කාලයේදී අපි මැච් ගැහුවා, අපි මැච් පැරදුනා හැබැයි ප්‍රතිශතයක් විදිහට මෑත කාලයේදී අපේ රටේ ක්‍රිකට් වල ජයග්‍රහන වැඩි වෙලා තියෙනවා.
ඒ අනුව 2020 වඩා 2021 වැඩි ඊට වඩා 2022 වැඩි 2023දී ඊටත් වඩා වැඩි වෙලා තියෙනවා. ප්‍රතිශතාත්මකව ක්‍රිකට් වල යම් දියුණුවක් ඇති වෙලා තියෙනවා. හැබැයි කණගාටුවට කරුණ වෙන්නේ ක්‍රිකට් මැච් එකක් දෙකක් පරදිනකොට අපේ ක්‍රීඩකයින්ට බනිනවා වගේම අනිත් ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරන්න පටන් ගන්නේ ඒ වෙලාවටමයි.

හැබැයි ක්‍රිකට් හොඳ වෙනකොට පාලක මණ්ඩලය, විනිසුරුවන්, පුහුණුකරුවන් හොඳ වෙන නරක් වෙනකොට මේ හැමෝම නරක වෙන ක්‍රමවේදය වෙනස් කරලා මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් නිෂ්චිත ක්‍රමවේදයක් හදන්න ඕනේ.

ඒ නිසාමයි ජනාධිපතිතුමා අමාත්‍යවරයාට සහය දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න කියලා කැබිනට් අනුකමිටුවක් පත් කලේ. ඒ වගේම මේ කැබිනට් අනු කමිටුව අලි සබ්‍රි අමත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, කාන්චන විජේසේකර අමත්‍යවරයා, ටිරාන් අලස් අමාත්‍යවරයා, සහ මම නියොජනය කරමින් විවිධ පාර්ශවයන්ගේ යෝජනා, අදහස් ලබාගෙන, කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහායි පත් කළේ.

එහිදී අපි කරුණු කීපයක් පිළිබඳ අවධානය යොමු කළා. එහිදී දැනට මූලික වශයෙන් කතා බහට ලක්වෙලා තියෙන ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් වූ ගැටලුව විසඳලා ක්‍රිකට් සම්බන්ධයෙන් නීතියක් ගෙන ඒම සඳහාත් අවාධානය යොමු කළා.

ඒ ඔස්සේ යහපාලන ක්‍රමවේදයන් විශේෂයෙන්ම මූල්‍ය පිළිබඳව වගේම අනෙකුත් කාරණා පිළිබඳවත් විගණනය පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කරන්නත් අපි අපේ අවධානය යොමු කළා.

ඒවගේම, ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ප්‍රමාණවත්ද? ක්‍රීඩකයින්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත්ද? සහ ක්‍රීඩකයින්ගේ තත්ත්වයත් ක්‍රීඩාව ඉදිරියට ගෙනයෑමත් අවශ්‍ය කරන පසුබිම සම්බන්ධයෙන් අවශ්‍යකරන කරුණු සම්බන්ධයෙනුත් අපි අවධානය යොමු කළා.

ලංකාව වටෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින් තොරා ගැනීම සඳහා වූ වැඩපිළිවෙල වගේම ඔවුන්ව රඳවා තබා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් අපි මෙහිදී අවධානය යොමු කළා.

මෙතැනදි කියන්න අවශ්‍යම දෙයක් තමයි විවාදයකට මතු වුන ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ, කාගේ හරි පෞද්ගලික බූදලයක්ද කියන කාරණය. එහෙමත් නැත්තම් කාගේ හරි කොටස් තියෙන සමාගමක්ද කියන කාරණය පිළිබඳව.

මෙතැනදි අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේ රටේ සමස්ථ ජනතාවට අයිති, ක්‍රීඩාවක්. ඒ වගේම මෙහි සතු මුදල් සියලුම ශ්‍රී ලංකිකයින්ටම අයිතියි කියන කාරණයත්.

අපේ ක්‍රීඩකයින් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා ඒ ක්‍රීඩාව හරහා ලබගන්නා නම වගේම ක්‍රිකට් පරිපාලනයේ අය ඇතුළුව සියලුදෙනාම එකතු වෙලායි අයි.සී.සී ලබා ගන්නා මුදල් සහ අනෙකුත් මුදල් උපයා ගන්නේ. මේවා සියල්ලම ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ලැබෙන මුදල්. ඒ නිසා මේ ගැන මේ රටේ සියලුදෙනාටම කතා කරන්න අයිතියක් තියෙනව කියලයි අපි කමිටුවක් විදිහට විශ්වාස කරන්නේ.

මෙහිදී අදහස් ගන්න අපි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් හමුවුනා. ක්‍රීඩා අමාත්‍යවරයා, හිටපු ක්‍රිඩා අමාත්‍යතුමා, හිටපු ක්‍රීඩකයින්, ඒ වගේම ක්‍රීඩා කරන අය, පහුණුකරුවන්, විනිසුරුවරුන්, විගණකාධිපතිවරයා, නීතීඥ සංගමය, වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය, විගණන ආයතන වගේ විවිධ ආයතන සමඟ අපි අදහස් හුවමාරු කරගත්තා.

ඒවගේම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සමඟත් අපි සාකච්ඡා කළා. එතැනදී ක්‍රිකට් විතරක් නෙමෙයි බොහෝ ක්‍රීඩා පාලනය කරන්නේ තට්ටු මාරු ක්‍රමයට එකම පිරිසක් කියන කාරණයත් දැක්කා.

එතකෙට ක්‍රීඩා සංගම් වලට ඇතුළු වීමේ සීමාවන්, වාර ගණන සම්බන්ධව බරපතල සාකච්ඡාවක් ඇති වුනා. ඇතැම් පිරිස් දිගින් දිගටම මේ ක්‍රීඩා සංගම් වල කටයුතු කරනවා. ඒ නිසා තමයි චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව හරහා මේ අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න යෝජනා කලේ කියන කාරණයත් ක්‍රීඩා අමාත්‍යංශ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් අපිට දැනගන්න ලැබුනෙත්.

අපි ක්‍රිකට් ආයතනයේ නිලධාරීනුත් අපි හමුවුනා. එහිදී අයි.පී.එල් ක්‍රීඩා කරද්දී අබාදයට පත් වුන විට ඒ ගිවිසුම් අනුව කටයුතු සිදුවිය යුතුයි කියන කාරණයත්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මේ අයට කරන්න දෙයක් නැති බවත් කියන කාරණාත් එළිදැක්වුනා.

ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයා සාකච්ඡා කරද්දී ඒ සඳහා නිසි සම්බන්ධීකරණයක් ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර නොපැවතුනු බවට අපට සඳහන් කරල තියෙනවා.

අයි.සී.සී එක හෝ ක්‍රිකට් ආයතනය මේ ක්‍රීඩා නීති සකස් කිරීමේදී කැදවා නොමැති බවත් ඔවුන් සඳහන් කළා. ඒ වගේම ලෝකයේ අනික් ක්‍රීඩකයින්ට ලබා දීලා තියෙන සියලුම පහසුකම් අපේ ක්‍රීඩකයින්ටත් ලබා දීලා තියෙනවා කියලා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

නුමත් ඒ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනවා. ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව පිළිබඳව ඇතුළු නොයෙක් දේවල් පිළිබඳ චෝදනා ඉදිරිපත් වුනා. කොහොම වුනත් මේවන කොට අනුමැතීන් ප්‍රමාද කිරීම් ඇතුළු නොයෙක් නොයෙක් කාරණා හරහා ඒ කියන්නේ අමාත්‍යාංශයේ සම්බන්ධිකරණය නොතිබීම නිසා 19න් පහළ ලෝක කුසලානය අපිට අහිමි වීම වගේම නොයෙක් කාරණා හරහා ලංකාවට අහිමි වීම රාශියක් සිද්ධ වෙලා තියෙනවා.

එහිදී ඩොලර් මිලියන 100ක් මේ කුසාලනය අහිමි වීම හරහාත්, කවුන්සිලයේ රැස්වීම පැවැත්වීමට නොහැකි වීම හරහා තවත් ඩොලර් මිලියන 20ක 30ක වගේ මුදල් ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා කියන කාරණයත් සඳහන් වෙනවා.

ඒ වගේම ක්‍රිකට් ආයතනයේ මුදල් ක්‍රීඩා අමාත්‍යංශයට යෙදවීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුනු බව ඔවුන්ගේ පැත්තෙන් සඳහන් වුනා.

කොහොම වුනත් අද වෙනකොට ක්‍රීඩාකයින්ට ලීග් තරග ක්‍රීඩ කරනන් බැරිවෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරු කමිටු පිළිනොගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා.

මේ අතර විනිසුරුවන් අපිට සඳහන් කළේ. දේශීය විනිසරුවරුන්ට නිසි ලෙස ගෙවීම් සිදුවෙලා නැති බවයි. තේරීම් කමිටුවකට වුනත් නිසි තොරා ගැනීමකට නිසි ඉඩකට ලැබෙන්නේ නැහැ කියන එකත් සඳහන් වුනා.

ඒ වගේම හියි ප්‍රෆෝමන්ස් සෙනට්ර් එකක් තිබුනාට එයින් සිදුවිය යුතු කාරණාව වන මේ ක්‍රීඩකයින් පුහුණු කිරීම සිද්ධ වෙන්නේ නෑ කියන එක සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වුනා.

ඒ වගේම බොහොදෙනාගේ අදහස වුනේ පුහුණු ක්‍රමවේදයෙත් අඩුපාඩු තියෙනවා කියන එකයි. නීතිඥ සංගමයත් අපිත් එක්ක එකතු වුනා. එහිදී සඳහන් වුනා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍යයි කියන කාරණය.

එතකොට ඉන්දියාවේ ලොඩා කමිටුව නිර්දේශ කළා වගේ ඉන්දියාව ගත්ත ක්‍රමවේදයකම අරගෙන මේ චිත්‍රසිරි කමිටුම මූලය කරගෙන නීතියක් හදලා ඒක පාර්ලිමේන්තුවේදී සම්මත කරගතයුතු කියන තැනට අවධානය යොමු කරමින් ඉන්නවා.
දැනට අයි.සී.සී ආයතනය විසින් පවත්වාගෙන යන ක්‍රමවේදයකට අනුවයි මූල්‍ය කටයුතු වෙන්නේ. ඒත් ඒක මෙරට මූල්‍ය ගණුදෙන සිදුවෙන ආකාරයට සිදුවිය යුතුයි කියල බොහොදෙනෙක් අදහස් වශයෙන් ඉදිරිපත් කළා.

ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්වෙන නිලධාරීන් සම්බන්ධයෙන්, ඔවුන්ගේ සුදුසුකම්, එනම් ජාත්‍යන්තර තලයේ හෝ මෙරට පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවාද කියලත් අවාදනය යොමුවුනා. එහිදී ඔවුන්ගේ සුදුසුකම් වලට ක්‍රිකට් විතරක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. විශේෂයෙන්ම වෛද්‍ය විශේසඥයින්, නීතිඥයින්, ගණකාධිකාරීවරුන්, වෘත්තිකයින් ඒ වගේම ප්‍රධාන විධායක තනතුරට දැවැන්ත ආයතනයක් පරිපාලනය කරනන් පුළුවන් මට්ටමේ හැකියාවක් තිබෙන පුද්ගලයින් ලබා ගැනීම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා වුනා.

ඒ වගේම බැදියාවන් අතර ගැටුම් ඇති වන ආකාරයට කටයුතු නොකළ යුතුයි කියලත් මේ කැබිනට් අනු කමිටුවට වාර්තා වුනා. මොකද බොහෝ වෙලාවට මේ පත්වෙන අය අතර බැදියාවන් ගැටුම් ඇතී වීමක් දකින්න ලැබුනා.

බොහෝදෙනා කිව්වා ආචාර්ය ධර්ම පද්ධතියක් ඇති කිරීමේ අවශ්‍යතාවය ගැන. ඒ වගේම වගවීමේ ක්‍රියාවලිකයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ගැනත් අවධානයට යොමු වුනා. මොකද සමහර වෙලාවට කල්බ් වලට සල්ලි දුන්නාම කවුරුතවත් ඒ ගැන වගකියන්නේ නැහැ.

මේ මූල්‍ය ක්‍රියාකලාපයේ වගකීම වගේම අරමුදල් ක්‍රිකට් දියුණු කිරීම සඳහා පමණක්ම භාවිතා කළයුතුයි කියලත් බෙහොදෙනෙක් මතයක් විදිහට ඉදිරිපත් කලා.

විනය කඩකිරීම් වලදීත් ඒ සඳහා සෘජු මැදිහත්වීමත් අවශ්‍යයයි කියන කාරණය ඉදිරිපත් වුනා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට කාතා කරන පෞද්ගලික ආයතනයක් නෙමෙයි ජාතික ආයතනයක් වශයෙන් නිෂ්චිතව සඳහන් වීම ඉතාම වැදගත් වන බවටත් සඳහන් වුනා.

ක්‍රීඩා සමාජ, ක්‍රීඩා සංගම් වලටත් ජාත්‍යන්තර වශයෙන් බලපාන නීති රීතී අනිවාර්යෙන්ම බලාත්මක කළයුතුයි. ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය අතර නිසි කළමාකරණයක්, නිසි සන්නිවේදනයක් ඇති වියුයුතුයි කියන කාරණයත් සඳහන් වුනා.

ඒ වගේම ක්‍රීඩා සමාජ, සංගම් විගණකාධිපතිගේ අධීක්ෂණයට ලක්විය යුතුයි කියලත් අදහස් පළවුනා. මොකද මේ මුදල් පොදු මුදල් බවට පත්වෙලයි තියෙන්නේ. ඒ වගේම මේ සඳහා නිෂ්චිත මෙහෙයුම් ක්‍රමවේදයකුත් සකස් වියයුතුයි.

භාණ්ඩාගාරික තනතුර සඳහා සුදුසුකම් ලත් ඒ සඳහා අත්දැකීම් තියෙන පුද්ගලයින් පත් කිරීම කළයුතුයි කියන කාරණාවත් අවධානයට ලක්වුනා.

ක්‍රිකට් තරඟ පරාජයට පත්වෙද්දි තමයි හැමදෙනාමට චෝදනා කරන්න පටන්ගත්තෙ. ෆේස්බුක් එකේ අපි වදින ක්‍රීඩකයොන්ටම තමයි අපි අනිත් දවසේ කෑගහන්නේ, බනින්නේ. ඒ නිසා මේ ක්‍රීඩකයන්ගෙනුත් අදහස් ලබා ගැනීම අපි කළා.

එතනදි අපිට දැනගන්න ලැබුණු ප්‍රධානතම දෙයක් තමයි ලෝක කුසලානයට යද්දි ක්‍රීඩකයෝ පස් දෙනෙක් ආබාධ වලට ලක්වෙනවා කියන කාරණය. එතකොට මේ ආබාධ වලට ලක්වෙන්නේ ඇයි? විශේෂයෙන්ම විනිදු හසරංග වගේ ක්‍රීඩකයෝ වතුරේ දුවවලා තමයි ආබාදයට ලක්වෙන්නේ. මේවගේ දේවල් ක්‍රියාත්මක කරන්න පුහුණුකරුවන්ට තිබුණ අවශ්‍යතාවය මොකක්ද?

මේ කියන හිය ප්‍රෆොමන්ස් සේටර් එකේ ක්‍රියාත්මක වීම කොයි විදිහටද තියෙන්නේ? ක්‍රිඩකයාගේ ෆිට්නස් විතරයි බලන්නේ. මොනම වෙලාවකවත් ක්‍රීඩකයාගේ ස්කිල් සම්බන්ධයෙන් අවධානය යොමුකරලා නැහැ කියන චෝදනාවත් මෙහිදී එල්ල වුනා.

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ගත්තාම, ඒ ක්‍රීඩකයින්ගේ දක්ෂතා මට්ටම ඉතාම ඉහළ මට්ටමක තියෙනවා ඒත් අපේ උපතින්ම දක්ෂතා මට්ටම තිබෙන ක්‍රීඩකයින්ගේ ෆිට්නස් පස්සෙම ගිහිල්ලා අවසානයේ ඔවුන්ගේ ක්‍රීඩා කෞෂලය වර්ධනය කිරීමට අවදානයක් දීලා නැහැ.

ඉස්සර ක්‍රියාත්මක වුන දඟ පන්දු යැවීමේ සංචිත, පන්දු රකින්නන්ගේ සංචිත, පිතිකරුවන්ගේ සංචිත සියල්ල මෑතකදී අහෝසි වෙලා තියෙනවා. මේ සංචිත අහෝසි වීම නිසාම රටේ ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවකට එන්න තිබෙන පාර පවා අහිමි වෙලා ටික දෙනෙකු අරගෙන ඒ අයගේ ෆිට්සන් විතරක් බලන තත්ත්වයකට පත්වෙලා තියෙනවා.

කොහොම වුනත් මේ අයගේ පෝෂණ සම්බන්ධයෙන් පෝෂණ නිලධාරීන් පත්කරලා තිබුනාට ඒ අය දිකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකිනුයි. දැන් පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ගැන කතා වෙන නිසා ඔවුන් ඇවිත් ක්‍රීඩකයින් බලන තත්ත්වයට පත්වෙලා තියෙනවා.

ඒ වගේම ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඩයට් ප්ලෑන් එකක් නැහැ. මේ ක්‍රිඩකයින් ඉතාම දුක්ඛිත තත්ත්වයකට පත්කරලා තියෙනවා. ඔවුන් පිළිබඳ නිසි අවධානය යෙමෙු කරලා නැහැ.
ප්‍රැක්ටිස් කරන්න හරියට පිච් එකක් නැහැ. ඒ නිසාම අපේ ක්‍රීඩකයින්ට පුහුණ වෙන්න වෙලා තියෙන්නේ ඉතාම බාල තත්ත්වයේ තනතීරුවලයි. ඒ නිසාම පිටරටවලට ගිහින් ක්‍රීඩා කරද්දී ඔවුන් දැඩි අපහසුතාවයට පත්වෙනා. අනිත්මට බැනුම් අහන්නෙත් මේ ක්‍රීඩකයින්මයි.

මෙහිදී ක්‍රීඩකයින්ගේ මානසිකත්වය වර්ධනය කිරීම ගැන අපි ඇහුවා ඒත් එහෙම කිසිම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

දඟ පන්දු යවන්නන්, වේග පන්දු යවන්නන් වෙනම පුහුණු නොකිරීමත් අපේ දක්ෂතා අඩුවීමට හේතුවක් වෙලා තියෙනවා. ආබාද වලට ලක්වුනාමත් භෞත චිකිත්සක සඳහා වූ කටයුතු ක්‍රියාත්මක වුනත් ඊට අදාල මූලික මඟපෙන්වීම් සිදුවෙන්නේ නැහැ කියලා අවධානය යොමුවුනා.

පුහුණුකරුවන්, ක්‍රීඩකයින් අතර යම් සම්බන්ධීකරණ ගැටලු තියෙනවා වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට අලුත් ක්‍රීඩකයින් ලෙජන්ඩ්ලා වීම දරාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන බවක් අපිට අනාවරණය වුනා.

අපි විගණකාධිපතිවරයා සමඟත් සාකච්ඡා කළා. එහිදී ක්‍රිකට් ආයතනයේ වගවීම ගැන ප්‍රශ්ණ ගැනත් එතුමා සිහිපත් කළා. දූෂණ අක්‍රමිකතා සහ අල්ලස් සම්බන්ධයෙන් කරුණු 2019දී හරීන් ප්‍රනාන්ද අමාත්‍යවරයා කරපු විගණන වාර්තාාවේදී හෙලිවෙනවා. එහිදී ඇමරිකාවේ බැංකුවක ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් වෙනම ගිණුමකට ඩොලර් එක්ලක්ෂ අසූහත්දායක් යවලා තියෙන කාරණයත් අනාවරණය වුනා.

ඒ සම්බන්ධයෙන් නෛතික කටයුතු දැනුත් ක්‍රියාත්මක වෙනවා. එ වගේම වොහාරික විගණනයක්, සම්බන්ධයෙනුත් විගණකාධිපතිවරයා අදහස් දැක්වූවා.

ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය පත්වෙද්දී සුදුසක්ම ලත් අයගෙන් පත්වීම සිදුවියයුතුයි. මේ සම්බන්ධයෙන් චිත්‍රසිරි කමිටුව විසින් අලුත් ක්‍රමවේදය හරහා නාමයෝජනා කමිටුවක් සහ ඊට නාමයෝජනා භාරදීම මගින් ඉස්සරහට යන ක්‍රමවේදය ක්‍රියාත්මක කළයුතුය කියලා යෝජනා කරලා තියෙනවා.

අපි තවත් අදහස් එකතු කරලා මේ යෝජනාවලිය ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

චිත්‍රසිරි කමිටුවෙන් ලබා දුන්න වාර්තාව වගේම මේ දවස් වල අපි සොයා ගැනීම් කරපු කරුණු සියල්ල එකතු කරලා ක්‍රිකට් සඳහා දීර්ඝ කාලීන විසදුමක් ලබා දෙන්න පාර්ලිමේන්තුව ඇතුලේ පනතත් සකස් අදහස් කරනවා. එහිදී ක්‍රිකට් ආයතනය කොහොමද පරිපාලනය වෙන්නේ ඕනේ? එය අමාත්‍යංශයක් එක්ක කොයිතරම් සම්බන්ධ වියයුතුද? නියාමනය කොයි විදිහටද වියයුත්තේ? කියන කාරණා ගැනත් අවවධානය යොමුකරනවා.
ඒ වගේම බලපෑම් කිරීමට බැරිවෙන විදිහට නීතිමය රාමුවක ඇති කිරීමටත් අපි අනුකමිටුව විදිහට ඉදිරියේදී යෝජනා කරනවා. මේ වෙලාවේ ඒ යෝජනාවලිය අමාත්‍යවරයාට ඉදිරිපත් කරනවා. ඒ වගේම ක්‍රිඩා අමාත්‍යවරයා මේ වෙලාවේ ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙක් කටයුතු කරනවා වගේම අයි.සී.සීය සමඟ සාකච්චා කරලා ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමටත් එතුමා සුවිශේෂ කාර්යක් ඉටුකරනවා.

අපි ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුව විදිහට ක්‍රිඩා අමාත්‍යවරයාට උපරිම සහය ලබාදෙනවා.

ඒ වගේම ක්‍රීඩාව ඉක්මණින් ඉස්සරහට ගන්න අවශ්‍ය වෙනවා එහිදී සමහර පුහුණුකරුවන් සම්බන්ධනේ බරපතල ප්‍රශ්ණ තියෙනවා. ඒ වගේම ප්‍රධාන පුහුණුකරුවන් අපේ ක්‍රීඩකයින් සමඟ නිවැරදිව එකතුවෙලා වැඩකරන්නේ නැහැ කියලත් සඳහන් වෙනවා.

ඒ නිසාම මේ නොගැලපෙන කණ්ඩායම් අයින් කරලා අපේ ක්‍රීඩකයින්ට ගැලපෙන ක්‍රීඩකයින්ගේ අදහස් තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉතාම ඉක්මනින් පත් කරලා ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගන්න අවශ්‍ය කරන කටයුතු මෙතැන් සිට පටන්ගන්න ක්‍රීඩා අමාත්‍යවරයා ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!