කරාපිටියේ රෝහලේ ගැටුමට විශේෂඥ වෛද්‍යවරයෙක් අත් අඩංගුවට

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර ඊයේ ඇතිවූ ආරවුල අතර තුර සුළු සේවිකාවකට පහර දුන්බව කියනා විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍යවරයා අත් අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසූයේ ඊයේ රෝහල් පරිශ්‍රයේ සිදුවූ බහිබස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බවට රෝහල් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවය .

පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වෛද්‍යවරයා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!