කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයේ දෙපිරිසක් ගැටෙති

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ සවස බරපතල ගැටුමක් ඇතිවූ බව වැලිකන්ද පොලිසිය පවසයි. එම ගැටුමෙන් රැඳවූවන් දස දෙනෙකු සහ සෙබළෙකු තුවාල ලබා තිබේ.

ගැටුමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර රැඳවියන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙට සහ තවත් ස්ථාන කිහිපයකට අලාභහානි කර ඇති බව පොලිසිය පවසයි.

මෑතක සිට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් පලායාම සහ වෙනත් ගැටීම් ඇති වීම ඉහළ යමින් පවතී.

වැලිකන්ද පොලිසිය පරීක්‍ෂණ පවත්වයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!