කථානායක උගන්ඩා යයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන උගන්ඩා සංචාරයක් ආරම්භ කර ඇත. මෙම සංචාරයෙදි ඔහු උගන්ඩාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සමුළුවට සහභාගිවීමට නියමිතය.

උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී කථානායකවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ උගන්ඩාවේ කථානායක ඇනීටා අංග්, නියෝජ්‍ය කථානායක තෝමස් තයෙබ්වා සහ උගන්ඩාවේ ප්‍රධාන සංවිධායක ඔබුවා හැන්සන් සහ මහ කොමසාරිස් කනන්නදන් විසිනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!