කංසා වගාව සඳහා කැබිනට් පත්‍රිකාවක්

ඖෂධයක් සේ ගංජා වගා කිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නීතිමය බලය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ආයුර්වේද රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි සඳහන් කරනුයේ මෙහිදී අපනයනය සඳහා පමණක් කංසා වගාව නීති ගත කිරීමට බලාපොරොත්තු වන බවයි.

දේශීයව වගාකරනා කංසා අපනයනය කරන්නේද ඖෂධ නිෂ්පාදන කටයුතු සදහා පමණක් බව පවසන එආජ්‍ය අමාත්‍යවරයා සියළු වගාවන් ආයෝජන මණ්ඩලයට අයත් ඉඩම්වල පමණක් මෙම වගා කිරීමට නියමිත බව පැවසීය .

මේ වන විටත් කංසා වගා කිරීමට ආයෝජකයන් රැසක් ඉදිරිපත් වී ඇති අතර, ඊට අදාළ මූලික වැඩ කටයුතු වැඩි ප්‍රමාණයක් අවසන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!