ඕස්ට්‍රේලියාව 19න් පහළ යොවුන් ලෝක කුසලානය දිනාගනී.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ඊයේ (11) සමත්විය.

ඒ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් මහා තරගය ලකුණු 79කින් ජය ගනිමිනි. තරගය පැවැත්වුණේ, දකුණු අප්‍රිකාවේ බිනෝනිහිදීය.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායම් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කර ගැනීමට සමත් විය.

අගනා පිතිකරණයක නිරත වූ Harjas Singh පන්දු 64කදී ලකුණු 55ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.

නායක Hugh Weibgen ලකුණු 48ක්, Harry Dixon ලකුණු 42ක්, Oliver Peake ලකුණු 46ක් ද රැස්කර ගැනීමට සමත් විය.

අගනා පන්දු යැවීමක නිරත වූ Limbani කඩුලු 3ක් බිඳහෙලීමට සමත් වූ අතර Tiwari කඩුලු 2ක්ද, Pandey සහ Khan එක් කඩුල්ල බැගින් ද බිඳහෙළීමට සමත් විය.

ලකුණු 254ක ඉලක්කයක් හඹායාමට පිටිය පිවිසි ඉන්දියානු 19න් පහළ යොවුන් කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 174ක් පමණි.

ඉන්දියානු 19න් පහළ යොවුන් කණ්ඩායම වෙනුවෙන් A Singh ලකුණු 47ක්ද, Murugan ලකුණු 42ක්ද ලබාගත්තේය.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු 19න් පහළ යොවුන් කණ්ඩායම වෙනුවෙන්, Beardman කඩුලු 3ක්, Macmillan කඩුලු 3ක්, Vidler කඩුලු 2ක්, Straker 1ක් කඩුල්ලක් ද බිද හෙලීමට සමත් විය.

ඒ අනුව ඕස්ට්‍රේලියාව සිව්වැනි වරටත් 19න් පහළ යොවුන් එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. ඔවුන් මින් පෙර 1988, 2002 සහ 2010 යන වසර වලදී ශූරතාවය දිනාගෙන ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!