ඔන්ලයින් ආරක්ෂණ පනතට AIC විරෝධය.

අන්තර්ජාල සහ තාක්‍ෂණ සමාගම්වලින් සමන්විත ගෝලීය ආයතනයක් වන Asia Internet Coalition (“AIC”) සහ එහි සාමාජිකයින් ශ්‍රී ලංකව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව සිය කනස්සල්ල පළ කර සිටී.
එම පනත ගෙන එන්නේනම් ඊට පුළුල් සංශෝධන සිදුකළ යුතු බව එම ආයතනය පවසයි.

මෙම පනත පිළිබඳව මතුව ඇති සංකීර්ණ සහ සූක්ෂ්ම විසඳීම සඳහා වඩාත් පුළුල් හා අර්ථවත් උපදේශනයක් අවශ්‍ය බව AIC කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් මගින් දන්වා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ඩිජිටල් ආර්ථිකයේ ඉලක්ක සපුරා ගැනීමටද මෙම පනත බධාවක් බව එම ආයතනය පවසයි.

AIC යනු Amazon, Apple, Booking.com, Expedia Group, Google, GoTo, Grab, LINE, LinkedIn, Meta, Rakuten, X සහ Yahoo වැනි සමාගම් වලින් සමන්විත ආයතනයකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!