ඔක්සිජන් වෙනුවට කාබන් ඩයොක්සයිඩ් දී රෝගියෙක් මියයයි

කොළඹ ජාතික රෝහලේදී සිදුකරමින් තිබූ සැත්කමක් අතරතුර රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීම හේතුවෙන් එම රෝගියා මියගිය බව සෞඛ්‍ය වෘත්තීය සංගම් චෝදනා කරයි.

ශල්‍යකර්මය අවසානයේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ඇතුළු වීමෙන් මෙම මරණය සිදුව ඇති බවටත් ඔවුන් පවසයි. මෙම සිදුවීම පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කටයුතු කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!