එක කොටසක සාක්කු පුරවන බදු සහන නෑ

එක් කොටසකගෙ පමණක් මුදල් ලැබෙන අයුරින් බදු සහන ලබා දීමට රජය සූදානම් නැතැයි ජනපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඉදිරි වසර දෙක තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් ජනපතිවරයා පෙන්වාදුන්නේය. මෙම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයටත්, එම ක්ෂේත්‍රයේ නියැළී සිටින සියල්ලන්ටම සෙත සලසන වැඩපිළිවෙළක් බවත් ජනපතිවරයා පෙන්වාදුන් අතර ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට බුදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන බවද මෙරට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළ යුතු බවද ජනපතිවරයා එහිදී පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පෙන්වා දුන්නේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය විසින් සංවිධානය කළ Gem Sri Lanka 2024 මැණිකා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

බෙන්තොට සිනමන් බේ හෝටලයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ජනවාරි 13 වැනිදායින් අවසන් වේ.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!